කොලොම්බියාව FARC කියලා හදුන්වන ත්‍රස්තවාදී කණ්ඩායමක් නිසා ව්‍යාකූල වෙලා තියෙන්නේ. මේ අතරේ රජයත්, මෙම කණ්ඩායමත් අතර සාම සාකච්ඡා ආරම්භ වෙනවා. ඉතින් මේ සාකච්ඡා ප්‍රචණ්ඩකාරි නොවන වග තහවුරු කරන්න සීල් භටයන් පස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් රහසේ කොලොම්බියාවට යනවා. ඒත් මෙතෙන්දි නොහිතන දෙයක් වෙනවා. ඔවුන්ව උගුලකට අහු වෙනවා. ඔවුන්ට මිනීමරුවන් ලෙස චෝදනා එල්ල වෙනවා. ඉතින් ඔවුන් තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට දරණ උත්සහය වටා තමා මේ කතාව ගොඩනැගිලා තියෙන්නේ.
ආයෙමත් කියන්න තියෙන්නේ එක හුස්මට බලන්න පුළුවන් ෆිලුමක්. ඉතින් අනිවාර්යයෙන් බලන්න කියලා ආරාධනා කරනවා. මුල් ෆිල්ම් දෙක නොබලපු කට්ටියට ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිලුමට ගැළපෙන ඉංග්‍රීසි සබ් එකක් හම්බුණේ නෑ. ඉතින් මුල ඉදන් ටයිම් ලයින් හැදුවා. අඩුපාඩු ඇති සමහර විට. වැඩිය ගනන් ගන්න එපා ඉතින් ඒවා.