” විනිවිද තිමිර මායා
හැර බැලූ දෙනෙත්
වටහා ගන්නේ
මං මුලා වූ බව ද…..?
දාහයෙන් විඩා බර වූ
දෙනෙත් යුග නුවන්
හඹා ගිය සිහිනය
මුලාව නම් දෘශ්ඨි මායවෙන් රැවටී
තම ලොවට ශේෂ කරගන්නේ
දුක හැර අන් කුමක්ද…..?
කඩා වැටන කදුලු කැට
ධාරා පමණක් ඉතිරිව හඩන
කඩ තුරාවෙන් වැසුනු
බිදිගිය චිත්තාවේගයන්
කිසි දින කවුරුන් දකින්න ද……?
ඉරා අදුරු පට
දෑස් බැදී කඩතුරා බිද හෙලන්නට….
මුලාව හැරපියා
ලොව දකින්නට…”