ලතා නම් තරුණියගේ මව මියගොස් ඇති නිසා පියා තවත් විවාහයක් කර ගනී. එම සුළු මවගේ නෑදෑ පුතෙක් වන ශේඛර්, ලතා සමඟ විවාහ වීමට උත්සාහ කරයි. ඒ ලතාගේ සුළු මවගේ සහයෝගය ඇතිවයි. නමුත් ලතා සහ ඇගේ පියා ඔහුට අකමැත්තක් දක්වයි. ඒ මන්ද ශේකර් කපටි පුද්ගලයෙක් වන නිසායි. ලතා සුන්දර තරුණියක් වන අතර ඇය නර්තනයට දක්ෂතාවයක් දක්වන අතර කලාවට කැමැත්තක් දක්වයි. ඒ නිසා පොත් කතුවරයෙක් වන අශෝක් සමඟ ආදර සම්බන්ධතාවයක් ඇතිකර ගනී. පසුව සොයා බලන විට ඔහු තම පියාගේ හිතවතෙක්ගේ පුතෙක් බව දැන ගනී. ඒ නිසා තම පියාගේ කැමැත්තද ලතාට හිමිවෙයි. මේ අතර ගම්බද තම නෑදෑ නිවෙසකට යන ශේකර් එහිදී මාලතී නම් ගම්බද අහිංසක තරුණියක් තම වසඟයට ගනී. ටික කලකට පසුව එම තරුණියට බොරු පොරොන්දු දී ආපසු පැමිණේ. පසුව අශෝක සමඟ ලතාගේ ආදර සම්බන්ධතාවය දැන ගෙන ඔහු කෝපයට පත්වේ. මේ අතර මාලතීට, ශේකර් නිසා දරුවෙක් ලැබීමට ඇති තත්වයක් ඇතිවේ. ශේකර්ගෙන් ලිපියක්වත් නොලැබුණු නිසා ඒ තත්වය සමඟ ගමට මුණ දීමට මාලතීට අපහසුවෙයි. නිවසින් පලායන ඇය නගරයට පැමිණ ශේකර්ගේ නිවස සොයා ගනී. එහිදී ලතා සහ අශෝකට කුමක් සිදුවේද? මෙය කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත. නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!