ඕස්ට්‍රේලියානු සත්ව උද්‍යානයකින් තමයි කතාව පටන් ගන්නෙ. එක සත්ව කොට්ඨාසයකට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයත්, තවත් සත්ව කොට්ඨාසයකට මිනිස්සුන්ගෙ තියෙන බය වගේම ප්‍රතික්ෂේප කිරීමත් මේ කතාව තුළින් අපූරුවට පෙන්වනවා. කතාවෙ ප්‍රධාන චරිත තමයි ප්‍රිටී බෝයි – කෝලා වලහෙක්, මැඩී – ලොව මාරාන්තිකම සර්පයා, ෆ්රෑන්ක් – මකුළුවෙක්, සෝ – කටුස්සෙක් සහ නයිජල් – ගෝනුස්සෙක්. කතාවෙ දුෂ්ට චරිත විදිහට චැස් හන්ට් කියන බිහිසුණු සතුන් හසුරුවන්නෙක් සහ ඔහුගේ පුතා චැසී හඳුන්වන්න පුළුවන්. ඉතින් උඩ කිව්ව කෝලා වලහා හැර අනිත් හතරදෙනා තමයි ගෙදර හොයාගෙන යන්නෙ. ඒත් කෝලා වලහගේ ආඩම්බරකම නිසා එයාවත් බලෙන් අරන් යන්න අනිත් හතරදෙනාට සිද්දවෙනවා. ඒගොල්ලො පැනලා යන්න ලොකුම හේතුව වෙන්නෙ එයාලට අම්මා කෙනෙක් වගේ ආදරෙන් හිටපු ජැකී කියන කිඹුලාව උද්‍යානයෙන් අරන් යන එක. ඉතින් මේගොල්ලො යන ගමනෙදි මේගොල්ලො හුඟක් දේවල් වලට මුහුණ දෙනවා, ඒවගේම එයාලව ආයෙත් අල්ලගන්න උඩ කිව්ව දුෂ්ට චරිත දෙකත් ලෑස්ති වෙනවා.
