බාරිෂ් ඕර් චෝමේන්, ඒකේ අර්ථය වෙන්නේ වැස්ස සහ චෝමේන් නූඩ්ල්ස් කියන එකයි, කතාවේ හැටියට සුරේෂ් කියන්න ඈත පිටිසර ගමකින් රස්සාවක් කරන්න මුම්බායට ආපු තරුණයෙක්, ඔහු නවාතැන් ගන්නා ගෙදර අයිතිකාරයට නීලු නමින් සුන්දර දියණියක් ඉන්නවා, සුරේෂ් ඇයට කැමතියි, දෙන්නා ගති පැවතුම් වලින් තරමක් වෙනස්, ඔවුන්ගේ සම්බන්ධයත් වෙනස් විදිහට පටන් ගන්නේ, ඒ වගේම සුරේෂ් වසන් කරන ලොකු කාරණයකුත් තියෙනවා, මොවුන්ගේ සම්බන්ධය කොහොම ගලාගෙන යයිද මොනවා වෙයිද කියලා බලන්න මේ මිනිත්තු 45 බලන්නම වෙනවා. මේක සරල කවියක් වගේ ආදර කතාවක්. බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා, ගිහින් එන්නම්.
