චිත්‍රපටි හින්දි

Atrangi Re (2021) Sinhala Subtitles | උන්මාද ප්‍රේම වෘත්තාන්තය..! [සිංහල උපසිරසි]

බොලිවුඩයේ බොක්ස් ඔෆිස් කින්ග්
මොන වසංගත තිබ්බත් සිනමාශාලා පුරවන
වසරකට වැඩිම චිත්‍රපටි සංඛ්‍යාවකට වග කියන
කින්ග් කුමාර්
අක්ෂය…

කොලිවුඩය විතරක් නෙමේ
හොලිවුඩය පවා දින්න
ඇඟපතින් නොවේ අව්‍යාජ රංගනයෙන්ම
ලොවක් වසඟයට ගත් ඒ හීන්දෑරියා
ධනුෂ්…

Raanjhanaa, Tanu Weds Manu Returns වගේ
හිත අල්ලගත්ත, Box Office වාර්තා තබපු
ඒ අසහාය නිර්මාණ වල උරුමක්කරු
ආනන්ද් එල්. රායි…

මේ තුන්දෙනා එකට එකතු වෙනවා කියද්දි එක මොන වගේ පෙරලියක් වෙයිද? Raanjhanaa වලින් පස්සේ ධනුෂ්ගේ හින්දි චිත්‍රපටයක් බලන්න හිටිය අය, එන එන හැම චිත්‍රපටියටම සෙනඟ අද්දගන්න අක්කිගෙන් තවත් පෙරළියක් බලාපොරොත්තුවෙන් හිටිය අය, Zero චිත්‍රපටියෙන් සුන් වෙච්ච බලාපොරොත්තු අලුත් කරගන්න Anand L Rai මීළඟ නිර්මාණය බලන්න හිටිය අය ; ඔය තුන්ගොල්ල එකතු වුණාම ඇති වෙන රසික සමාජය නම් හරිම දැවැන්තයි. 2020 ජනවාරි 30 වෙනි දින මේ චිත්‍රපටයේ මෝශන් පෝස්ටරය නිකුත් කළ අතර කොවිඩ් 19 වසංගන්තය මැද්දේ මෙහි පෝස්ට් ප්‍රඩක්ෂන් ප්‍රමාදයක් සමඟ චිත්‍රපටය නිකුත් කිරීම හර්‍රිහැටි දවසක් තීරණය කරන්න මොවුනට නොහැකි වූවා. මෙහි සංගීතය කරෙන්නේ ඒ ආර් රහුමාන් කියන විශිෂ්ට සංගීත විශාරදයා විසින්. ආනන්ද ලාල් එක්ක රහුමාන්ගේ සං‍යෝජනය බලාගන්න පුළුවන් දෙවෙනි අවස්ථාව මෙම චිත්‍රපටයයි. මොවුන් දෙදෙනා එකට එකතුව කළ Raanjhanaa චිත්‍රපටයෙන් පසුව මෙම චිත්‍රපටයද සංගීතයෙන් හා අන්තර්ගත කතාව හේතුකොට ගෙන බොලිවුඩ් සිනමා ලෝලීන්ගේ හිත් දිනා ගැනීමට මෙයට හැකි වූවා.ඉතින් කාලෙකින් ආව මේ වගේ වෙනස් චිත්‍රපටයක් නැරඹීමට ඔයාලට ආරාධනා කරන ගමන් මේ වැඩේ කරන්න එකතු වුණු මයුර සුරාජ්ට ගොඩක් ස්තූති කරනවා.

Leave a Reply

Your email address will not be published.