බලෙන් කරවූ කසාදයක් ගැනයි මේ කතාව. ඉතිං දෙන්නෙක්ව බලෙන් බන්දනවා. (ධණුෂ් + සාරා) ඒ උනාට කෙල්ල වෙන කොල්ලෙක්ට ආදරේ කරනවා. (ආක්ෂේට) කොල්ලගෙන් කසාදෙට දවස් දෙකයි තිබුනේ.ඉතිං මේ දෙන්නගෙම ජීවිත වෙනස්ම මාවතකට එලෙසින් යොමු වෙනවා.
සහ, මුළු කථාව වෙනස් වෙන්නේ කතාවෙ හරියටම පැයකින්. ලස්සන, හැඟීම්බර කතාවක් තමයි මේක. ඉතිං මේක තුන් කොන් පෙමක් වෙයිද? කසාදෙට මොනව වෙයිද? ජීවිතේට දැක නොතිබූ මොවුන් හට කුමක් වෙයිද? කියන දේවල් ඇතුලු තවත් දේ දැක බලාගන්න එහෙනම් චිත්රපටය අරන් බලන්න. ලස්සන කතාවක් මේක.