අපිට ෆිල්ම් එකේ මුලින්ම දකින්න ලැබෙන සෙල්ලම වෙන්නේ Daruma-San. මේ සෙල්ලම Red Light Green Light සෙල්ලමට සමානයි. මේ සෙල්ලමේ ඉන්න බෝනික්කා ජපානයට ආවේණික බෝනික්කා වර්ගයක්. ඒ බෝනික්කා හදල තියෙන්නෙ සෙන් දහමේ නිර්මාතෘ වෙන බෝධිධර්ම හාමුදුරුවෝයි. දෙවැනි සෙල්ලමේ ඉන්න පූසා සහ හතරවෙනි සෙල්ලමේ ඉන්න වලහා හදල තියෙන්නෙ ජපානයේ ප්රසිද්ධ Manga ආකෘති විදිහට. ඒ වගේම තුන්වෙනි සෙල්ලම ලංකාවේ අපි කරන කොපර කොපර පිපිඤ්ඤා සෙල්ලමට ගොඩක් සමානයි. අන්තිම සෙල්ලම වෙන Kick The Can සෙල්ලම අපේ හැංගිමුත්තන් සෙල්ලමට සමානයි.