මේ වසරේ නිකුත් උන වෙනස්ම ආකාරයේ සුපිරිම ෆිලුමක් වෙන Army of the Dead (2021) බැලුවා නේද ? බලලා නැත්තම් දැන්මම බලන්නකෝ. මේ Army of the Dead චිත්‍රපටයේ ප්‍රීක්වල් සිනමාපටයක් විදියට තමයි මේ Army of Thieves චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Army of the Dead සිනමාපටයේ සිදුවීමට වසර 6කට පෙර සිදුවීමක් තමයි මේ නිර්මාණට පාදක වෙලා තියෙන්නේ. කලින් ෆිල්ම් එකේ සේප්පුව බිඳින පිස්සු හාදයා “ලුඩ්විග් ඩීටර්” මතකද? මේ චිත්‍රපටයේ තියෙන්නේ මෙන්න මෙයාගේ කතාව. ඩීටර් කොහොමද අතිදක්ෂ සේප්පු බිඳින්නෙක් බවට පත් උනේ, ඊටකලින් එයාගේ රස්සාව මොකක්ද ? ඩීටර්ට සේප්පු එක්ක තියෙන බැඳීම මොකක්ද ? මේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ලුඩ්විග් ඩීටර් කියන්නේ මෙයාගේ ඇත්ත නම නෙමෙයි. මෙයාගේ ඇත්ත නම තමයි සෙබස්තියන්. එතකොට මෙයාට ඩීටර් කියන නම ලැබුනේ කොහොමද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේ සොම්බි ව්‍යසනයේ ආරම්භයත්, Army of the Dead චිත්‍රපටයේ දකින්න ලැබෙන විශාල සේප්පුව වෙන “ගොටර්ඩැමරන්ග්” සේප්පුව නිර්මාණය වෙන විදියත් ඒ සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයකුත් බලාගන්නත් පුළුවන්. මේ ෆිලුමේ කතාව ලියන්නෙත් පෙර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Zack Snyder විසින්මයි. මෙය අධ්‍යක්ෂනය කරන්නේ Matthias Schweighöfer විසින්. 2021 ඔක්තෝම්බර් මස 29 දා තිරගත කිරීම අරඹා මේ වන විට 6.4ක IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලකයන් අතර 93% මනාපයකුත් කුණු තක්කාලි අගය 71%කුත් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන Matthias Schweighöfer විසින්මයි. ඊට අමතරව Game of Thrones, Fast & Furious චිත්‍රපට මාලාවේ රැම්සි ලෙස එක්වූ Nathalie Emmanuel “ග්වෙන්” ලෙසත්. Ruby O. Fee “කොරීනා” ලෙසත් Stuart Martin “බ්‍රැඩ් කේජ්” ලෙසත් Guz Khan “රොල්ප්” ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.