Army of the Dead සිනමාපටයේ සිදුවීමට වසර 6කට පෙර සිදුවීමක් තමයි මේ නිර්මාණට පාදක වෙලා තියෙන්නේ. කලින් ෆිල්ම් එකේ සේප්පුව බිඳින පිස්සු හාදයා “ලුඩ්විග් ඩීටර්” මතකද? මේ චිත්‍රපටයේ තියෙන්නේ මෙන්න මෙයාගේ කතාව. ඩීටර් කොහොමද අතිදක්ෂ සේප්පු බිඳින්නෙක් බවට පත් උනේ, ඊටකලින් එයාගේ රස්සාව මොකක්ද ? ඩීටර්ට සේප්පු එක්ක තියෙන බැඳීම මොකක්ද ? මේ ඔක්කොම ඔයාට දැනගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් ලුඩ්විග් ඩීටර් කියන්නේ මෙයාගේ ඇත්ත නම නෙමෙයි. මෙයාගේ ඇත්ත නම තමයි සෙබස්තියන්. එතකොට මෙයාට ඩීටර් කියන නම ලැබුනේ කොහොමද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේ සොම්බි ව්‍යසනයේ ආරම්භයත්, Army of the Dead චිත්‍රපටයේ දකින්න ලැබෙන විශාල සේප්පුව වෙන “ගොටර්ඩැමරන්ග්” සේප්පුව නිර්මාණය වෙන විදියත් ඒ සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයකුත් බලාගන්නත් පුළුවන්