චිත්‍රපටයෙ කතාව ගැන කෙටියෙන් කිව්වොත් ලාස් වේගාස්වල ඇති වෙන සොම්බින්ගෙ පැතිරීමක් තමයි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. සාමාන්‍ය චිත්‍රපට, කතාමාලා වලදී දකින්න ලැබෙන සොම්බි වර්ගෙ ඇතුළු, මීට වඩා බුද්ධිමත්, වේගවත් ඇල්ෆා මට්ටමේ සොම්බි වර්ගයකුත් කියලා දෙකකින්ම චිත්‍රපටයෙ දැකගන්න ලැබෙනවා. චිත්‍රපටයෙ මුල් විනාඩි කිහිපය ඇතුලත ඇල්ෆා මට්ටමේ සොම්බි වර්ගය බෝ වෙන්න හේතුවක් වුන සිදුවීම් පෙළත් වගේම ඒ එකම එක සොම්බි වර්ගය ගැන හොද අවබෝධයක් ලැබේවි. මේ දේවල් වෙලා ලාස් වේගාස්වල කොටසක් වහලා දාලා තියෙද්දී, මේ ප්රශ්නය කෙළවරක් දකින්න ලාස් වේගාස් වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරන්න ජනාධිපති තීරණය කරලා තියෙන වෙලාවක, ලාස් වේගාස්වල තියෙන කැසිනෝ එකක් පහල තියෙන සල්ලි සේප්පුවක් හොයාගෙන පිටින් ටීම් එකක් එන්නෙ. මේ අයගෙන් බොහෝදෙනෙක් මීට කලින් ලාස් වේගාස්වල සොම්බි වසංගතයට මුහුණ දීලා අමාරුවෙන් ජීවීතේ බේරගත්ත අය. ඉතිං මේ මෙහෙයුම සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා දැනගන්න එහෙමනම් ඉතිං නරඹලාම ඉන්නකො.
Army of the Dead (2021) Sinhala Subtitles | මළවුන්ගෙ ආක්‍රමණයක් මැද මංකොල්ලයක්… [සිංහල උපසිරසි]