කතාව ගැන කෙටියෙන් කියනවා නම් ලූකස් ජීවත් වෙන්නෙ එයාගෙ තාත්තයි, මල්ලි ඒඩ්න් එක්ක. මොනා වුනත් ලූකස් පාසලේදී අඳින චිත්ර වගයක් නිසා ලූකස්ගේ ගුරුතුමී ජූල්ස්ට ලූකස් ගැන සැකයක් ඇති වෙනවා. ඉතින් ජූල්ස් තීරණය කරනවා ලූකස් ගැන වැඩි දුර විස්තර හොයලා බලන්න. ඉතින් එහෙම විස්තර හොයන්න යන ජූල්ස්ට මූණ දෙන්න සිද්ධ වෙන්නෙ එයා කොහෙත්ම නොහිතපු කරදර ගොඩකට. තව කියන්න ගියොත් ඉතින් ෆිල්ම් එකම කියන්න වෙනවා. ඒ හින්දා කුතුහලේ ඉතුරු කරලා මං නවත්තන්නම්. ඒ වගේම පවුලේ සැමට බලන්න බැරිත් නෑ. හැබැයි ලේ වැගිරීම් සහිත සමහරුන්ට ටිකක් බලන්න අමාරු සංවේදී දර්ශන තියෙන්න පුළුවන්.
