රාහුල්යා කියන්නේ ටිකක් ඉවසීමක් නැති තරුණයෙක්..මෙයාගේ තාත්තා තමයි දට්රාරම් පාටිල් කියන්නේ…ඉතින් රාහුල්යාගේ තාත්තා ගත්තු ණය නිසාම,එයාට තමන්ගෙම ඉඩම් වල කුලී වැඩ කරන්න වෙනවා..ඉතින් දවසක් රාහුල්යගේ තාත්තව ඉඩම් හිමියා රස්සාවෙන් අස් කරල දානවා…ඒ ඔක්කොමත් ප්රශ්න නිසා නගරෙට එන රාහුල්යගෙ පවුලෙ අය මාර්කට් එකක කුලී වැඩ කරන්න හම්බවෙනවා..කොහොම හරි කුලී වැඩ කරගෙන ඉන්න අතර තුර තමයි රාහුල්යා මාර්කට් එකේ ඉන්න මැරයෙක් එක්ක ප්රශ්නයක් දාගෙන හිරේට යන්නේ..එතනින් එහාට ඇරබෙන රාහුල්යගේ කතාව බලන්න ඔයාලට බාරයි එහෙනම්…
