ඉතින් කතාව ගැන කිව්වොත්…කලෙයියාන් ,මෙයාට ගමේ හැමෝම ආදරේට කියන්නේ අන්නාතේ කියල,ඉතින් මේ කලෙයියාන්ට නංගි කෙනෙක් ඉන්නවා එයා තමයි මීනාක්ෂී..කාලේයියා එයාගේ නංගිට ගොඩක් ආදරෙයි,මෙහෙම කාලේ ගෙවෙද්දී තමයි මෙයාලගේ ජීවිතේට නට්ටදුරෙයි කියල මැරයෙක් එන්නේ..ඒත් ටික දවසකින් මේ නට්ටදොරෙයි කලෙයියාන්ගේ ගතිගුණ දැකල එයාගේ නංගිව තමන්ගේ ගෙදර ලේලී කරගන්න ආශාවෙන් කලෙයියාන් එක්ක කතා කරන්න එනවා..කොහොම හරි මීනාක්ෂීත් මේ කසාදෙට ඉහලින්ම කැමති වෙනව..ඉතින් දෙපාර්ශවයෙම කැමැත්තෙන් ලෑස්ති කරපු මේ කසාදේ ,අන්තිම මොහොතෙදී මීනාක්ෂී අතුරුදහන් වෙනව…කසාදෙට කැමැත්තෙන් හිටපු මීනාක්ෂිට මොකක්ද ඇත්තටම උනේ…ඒක දැනගන්න එහෙනම් අරගෙන බලන්න Annaatthe..(ලොකු අයියා)