ෆිල්ම් එක පැත්තට හැරුණොත් , මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ‘පෙපේ’ නම් වූ චරිතය වටා ගෙතී ඇත. ඔහු හා ඔහුගේ සිදුවීම් දාමයක් මූලිකව පාදක කරගෙන ඇත. මෙම සිදුවීම් මාලාව ගැන කතා කරනවිට ‘අංගමාලි’ නගරය හා මලයාලම් ආහාර පාන ගැනද කතා කළ යුතුමය. මේ චිත්‍රපටියේ සියලුම සිද්ධීන් අංගමාලි නගරය හා කේන්ද්‍රගතවී ඇත. Angamaly Diaries චිත්‍රපටිය අනෙකුත් මලයාලම් චිත්‍රපටිවලට වඩා සුවිශේෂී වන්නේ චිත්‍රපටය පටන් ගැන්මේ සිට අවසානය දක්වාම මලයාලම් කෑම බීම වටා කේන්ද්‍රගතව පැවතීමයි. කෑමයි බීමයි අරක්කුයි තමා ඉතින් . ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි. චිත්‍රපටයේ දෙබස්වල තියෙන එදිනෙදා සාම්ප්‍රදායික උපමා , ප්‍රස්තා පිරුළු වගේ දේවල්වලින් එහාට ගොස් ඒ වෙනුවට මලයාලම් ආහාරපාන හා ප්රතීස්ථාපනය කරමින් දෙබස් ගෙනහැර දක්වා ඇත්තේ සුවිශේෂී ආකාරයකටයි. මලයාලම් ආහාරපාන , ශ්‍රී ලංකාවේ ආහාරපාන වලටද සමාන බවක් තිබෙන බව මම මීට පෙර අසා ඇත.