අන්බිර්කිනියාල්, අම්මා නැතුව තාත්තා එක්කම පුංචි කාලේ ඉදල හැදිල වැඩුණ කාගෙත් ආදරය දිනාගත්ත සුන්දර ගැහැණු ළමයෙක්. නොයෙකුත් රස්සාවල් වලට ඉල්ලුම් කරල සම්මුඛ සාකච්ඡා වලට ගියත් අවසානෙදි වෙළද සංකීර්ණයක චිකන් හබ් එකක වෙළද සහායිකාවක් විදියට සේවය කරන අතරතුර තරුණයෙකු සමග හාදකමකුත් පවත්වන්න පටන්ගෙන තිබුණා. ඔහොම කාලේ ගෙවීගෙන යන අතරතුර අන්බුගෙ තීරණය වුණේ කැනඩාවට ගිහිල්ලා රස්සාවක් කරල තාත්තා අරගෙන තිබුණ ණය ගෙවල නිදහස් වෙන එක. නමුත් අන්බුගෙ තාත්තට නම් අන්බු කැනඩා යන එක ගැන අබමල් රේණුවකවත් කැ,මැත්තක් තිබුණෙ නෑ . අන්බුගෙ පෙම්වතා වුණ චාල්ස්ටත් හරිහමන් රස්සාවක් තිබුණෙ නෑ. අන්බුගෙ පෙරැත්ත පිට හයිද්‍රාබාද් රස්සාවකට යන්න චාල්ස් කැමැති වුණා. මේ ගැන කියන්න අන්බු හම්බවෙලා විස්තර කතා කරගෙන ආපහු පිටත්වෙන කොට පොලීසියෙන් නතර කරනවා. හෙල්මට් දාගෙන නැති එක ගැන පොලීසියෙන් අවවාද කරත් එතන ඉන්න පොලිස් ඉන්ස්පෙක්ටර් කියපු නෝක්කාඩු කතාවට චාල්ස්ට තරහක් යනවා. ඉන්ස්පෙක්ටර් දෙන්නටම යන්න කියල චාල්ස් ආපහු හැරිල ඇහෙන නොඇහෙන ගානට පොලීසියෙ ඉන්ස්පෙක්ටර්ට බැනගෙන යනවා. අවාසනාවට මේක බයික් එකේ කණ්ණාඩියෙන් ඉන්ස්පෙක්ටර්ට පේනවා. ආපහු චාල්ස්ට එන්න කියල බීල නේද ඉන්නෙ කියල චාල්ස්වයි අන්බුවයි පොලීසියට අරගෙන ගිහිල්ලා අන්බුගෙ තාත්තවත් ගෙන්නලා දෙන්නට හොදටම බනින්න ගන්නවා. මේ සිද්දියෙන් පස්සෙ අන්බුගෙ තාත්තා අන්බු එක්ක කතා කරන්නෙත් නෑ, අන්බු චාල්ස් එක්ක කතා කරන්නෙත් නෑ. දවසක් චාල්ස් ඇවිත් අන්බු එක්ක කතා කරන්න ඕනෙ හබ් එකෙන් එළියට එන්න කිව්වට අන්බු නෑහුණා වගේ වැඩ කරගෙන යනවා. චාල්ස් ආවේ හයිද්‍රාබාද් රස්සාවට යන එක ගැන කියන්න. නමුත් චාල්ස්ට වෙන්නෙ අන්බු එක්ක කතා නොකරම හයිද්‍රාබාද් පිටත් වෙන්න. ඔන්න එදා රෑම තමයි අන්බුට ලොකු අකරතැබ්බයක් වෙන්නෙ.. එහෙනම් මොකද්ද වෙන්නෙ කියල චිත්‍රපටය බලල ඔයාලම හොයාගන්න..
Anbirkiniyal (2021) Sinhala Subtitles | කොටුවීම 2 [සිංහල උපසිරසි]