ඉංග්‍රීසි චිත්‍රපටි

All the Old Knives (2022) Sinhala Subtitles | පැරණි මතකයන්ගේ අභිරහස [සිංහල උපසිරසි] [18+]

2012 වසරේදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් පිරිසක් තුර්කි ගුවන් යානයක් පැහැරගෙන ජර්මනියෙන් සහ ඔස්ට්‍රියාවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ සිද්ධියට වියානා නගරයේ ඉන්න CIA සංවිධානය මැදිහත් වෙලා විසඳන්න උත්සහ කලත් අන්තිමේදී ඛේදවාචකයකින් මේ සිදුවීම අවසන් වෙනවා. ඊට අවුර්දු 8කට පස්සේ මේ සිද්දියට අදාල ත්‍රස්තවාදී නායකයෙක් අල්ලගන්න CIA සංවිධානයට පුළුවන් වෙනවා. මේ ත්‍රස්තවාදියාගෙන් ප්‍රශ්න කරද්දි ඔවුන්ව මවිත කරවන තොරතුරක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මීට වසර 8කට කලින් උන ගුවන් යානා කොල්ලයට CIA සංවිධානය ඇතුලෙ කෙනෙක් ත්‍රස්තවාදීන්ට උදව් කරලා තියෙනවා කියලයි. ඉතිං මේ වගේ තොරතුරක් CIA වගේ ලෝකේ ඉහලින්ම ඉන්න සංවිධානයක් එහෙම ලේසියෙන් ඉවත දායි කියලා හිතන්න බෑනේ. ඒ නිසා මේ සිද්ධිය ගැන නැවත විමර්ශනය කරන්න බොහොම දක්ෂ නිළධාරියෙකු වෙන හෙන්රි පැල්හැම්ට පවරනවා. හෙන්රිට කරන්න තියෙන්නේ මීට අවුරුදු 8කට කලින් CIA සංවිධානයේ හිටපු අයව විමර්ශනය කරලා ත්‍රස්තවාදීන්ට ඔත්තු සපයපු ද්‍රෝහියව හොයාගන්නයි. ඒක ඒ තරම්ම ලේසි නෑ කියලා ඔයාලටත් පැහැදිලිනේ, වසර ගාණකට කලින් කළු පැල්ලමක් උන සිද්ධියක වගකිව යුත්තා හොයාගන්න හෙන්රිට පුළුවන් වෙයිද ? ඔයාලත් හරිම පරිස්සමින් මේක බලන්නකෝ අන්තිම මොහොතේ ඔක්කොම උඩුයටිකුරු වෙන, හිතපු දේවල් සම්පූර්ණයෙනම වරදින දෙයක් තමයි වෙන්නෙ.

Leave a Reply

Your email address will not be published.