Uncategorized

#Alive (2020) AKA #Saraitda Sinhala Subtitles | ලෙයින් තෙත් වූ සොම්බි නගරය. [සිංහල උපසිරැසි

ඔයාල train to busan කියන කොරියානු ච්ත්‍රපටය ගැන අහල ඇති. ඒකනම් මම බලපු සුපිරිම කොරියානු සොම්බි චිත්‍රපටය කියල බය නැතිව කියන්න පුළුවන්. වගේම ඒකෙන් ප්‍රසන්ට් කරපු තවත් සිනමා නිර්මාණයක් peninsula කියලා මේ ලගදි තිරගත කිරීම් ඇරඹුවා. ඉතිං ඒ ච්ත්‍රපට දෙක බලල නැති කට්ටියට ඒ ටිකත් බලන්න කියල ආරාධනා කරන ගමන් ම ලිපියෙ ඉදිරියට යනවා.

ඉතිං මේකත් ඇවිල්ල අර දෙකටම දෙවනි නොවන සිනමා නිර්මාණයක්. මට නම් මේකේ ඕපනිං සීන් එකෙන් ම කතාව හිතට ඇල්ලුවා. ඔයාලටත් මේක පට්ටම උද්වේගකර අත්දැකීමක් වෙයි කියල හිතනවා. සමහර සොම්බි චිත්‍රපට වල තාත්ත්වික ගතිය පොඩ්ඩක් අඩුයි නෙ. මම ඉතිං නම් වශයෙන් කියන්න යන්නෙ නෑ. ඒත් මේකනම්, පට්ටම තාත්ත්විකයි. එහෙම දෙයක් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඇත්තටම වුනොත් මොනව වෙයි ද කියල හිතෙන තරමටම කතාව පට්ට තාත්ත්විකයි. ඒ විතරක් නෙවෙයි, මේකෙ තියෙන කුතුහලාත්මක ගතිය සහ ත්‍රාස්‍යජනක භාවය නිසාම අපිව චිත්‍රපටය ඇතුලෙ අතරමං වෙන්නෙ නිකම් පිස්සුවෙන් වගේ. කතාව ඒ තරමටම සුපිරියක්.. දන්නනෙ..

Leave a Reply

Your email address will not be published.