පූජා කියන තරුණියගේ තමන්ගෙ දෙමව්පියන්, සහෝදරිය අනතුරකින් මිය ගිහින් තිබුණා. අතීත සිදුවීම් අමතක කර මානසික ආතතියෙන් මිදීමට පූජා දුර ප්රදේශයක වාසය කිරීමට තෝරා ගත්තා. පූජා දිනක් තමන්ගෙ පෙම්වතාව ප්රතිකර්ම සඳහා රෝහලකට රැගෙන යනවා. වෙලාවක් ගත වෙන නිසා පූජාට එලියට වෙලා ඉන්න කියනවා. පැයක් පමණ ගතවී ආයෙමත් පෙම්වතාට ප්රතිකර්ම කරමින් සිටිය කාමරයට ඇවිත් බලද්දි කාමරය පුරා ලේ විසිරී තිබුණත් පෙම්වතා නම් හිටියේ නැහැ. රෝහලේ කාර්යමණ්ඩලය මේ ගැන දැනුවත් කලත් වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. එනිසා පූජා ඔවුන්ට චෝදනා කරන්නට වුණා. පූජාගේ හැසිරීම ගැන මේ අයට සැකයක් ඇති වුණා. පූජා පෙම්වතාව රෝහල පුරා හොයන්නට වුණා. පාළු වෙලා තිබුණ රෝහලේ කවුරුන් හෝ තමන්ගෙ පස්සෙන් හඹා එනවා පූජාට දැනුණා. බියකරු වෙස් මුහුණු පැළඳගත් කණ්ඩායමක් පූජාව බිය කරමින් පස්සෙන් හඹා එන්නට වුණා. මේවා සැබෑවටම වෙන දේවල්ද, පූජාගේ මනසේ ඇති වූ හීනෝන්මාදයද?
