චිත්‍රපටි දමිළ

Acharya (2022) Sinhala Subtitles | අධර්මය වෙනුවෙන් නැගී සිටිනෙමි… [සිංහල උපසිරසි]

වසර 800කට පමන පෙර සිද්දවනම් වනාන්තරයේ පවුල් සිය ගනනකින් යුක්ත වූ කුඩා ගම්මානයක් තිබුනා. ජීවධාර නම් ගංගාවක් එම වනාන්තරය තුලින් ගලා ගියා. මෙම ප්‍රදේශයේ තිබූ මායාව නිසාවෙන් මහා ඍසි වරුන් බොහෝ ගනනක් මෙහි සැරි සරමින් තපස් රැක්කා. මේ ඍසි වරුන් ගම්මානයේ වැසියන්ට ධර්මාවබෝදය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කලා. සිද්දවනම් වනාන්තරයේ ඇති ඖශධීය පැලෑටි වලින් ආයුර්වේද විද්‍යාව උගන්වමින් ඔවුන් උතුම් මිනිසුන් බවට පත් කලා. කොතරම් පරම්පරා ගනනක් ගෙවී ගියත්, කොපමන උවදුරු පැමිනියත් මෙම වනාන්තරය අත් නොහැරිය යුතු බව සහ එය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව පවසා විශ්වීය රහසක් ඔවුන්ට හෙලි කලා.

දිනක්, මෙම සිද්ද වනම් වැසියන්ට යක්ශ ගෝත්‍රයකින් ප්‍රහාරයක් එල්ල වුනා. මහා යෝගීන්ගේ බලය සහ, ආරක්ශකයෙක් බඳු දේව මෑනියන්ගේ ආශිර්වාදය ගම්වැසියන්ට පිහිටක් වී එම යක්ශ ගෝත්‍රික සේනාව පලවා හැරියා. එම යක්ශ සංහාරය දුටු වැසියන්ගේ බිය නැති කිරීමට දේව මෑනියන් එම යක්ශ සංහාරය සැඟවීමට සූර්‍යග්‍රහනයක් ඇති කලා. අන්දකාරයේම මුලු සංහාරයම ගිල ගත්තා. එම මහා සංහාරයෙන් පසුව දේව මෑනියන්ට සිතුනා එම ගම් වැසියන් වෙනුවෙන් පෙනී හිටින්නට. ජීවධාරා ගංගාව අසල තිබෙන කඳු ගැටයක් මත සිටගෙන සිද්දවනම් ජනතාවට පෙනෙන පරිදි සිටගෙන සිටියා. එම දේව මෑනියන්ට උපහාරයක් පිනිස, ජනතාව දේව මන්දිරයක්නිර්මානය කලා. සිද්දවනම් පත්‍ර වලින්, මල් වලින් ජනතාව දිනපතා දේව මෑනියන්ට පූජෝපහාර පැවැත්වුවා. සිද්දවනම් හි ආරක්ශාව තම දේව මෑනියන්ගේ පාදයෙන් ආරක්ශා වේ යැයි සලකා, එම ගම්මානය පාදඝට්ටම් යැයි නම් කලා. ශතවර්ශ ගනනාවක් ගෙවී එම දේව මන්දිරය ප්‍රසිද්ද වී, ඒ අසල නගරයක් ඉදි වුනා. ඒ තමයි ධර්මස්තලි. පාදඝට්ටම් හි ම ඉපදී පාදඝට්ටම් හිම හිඳ ධර්මය වෙනුවෙන් කැප වී ධාර්මිකව බැබලුනා.

වසර කිහිපයක සිට ධර්මස්තලියේ අධර්මය රජ කරන්නට පටන් ගත්තා. නපුර පැතිරෙන්නට පටන් ගත්තා. අපරාදයන්ට තෝතැන්නක් බවට පත් වුනා. එහෙත් පාදඝට්ටම් ගම්මානය ධර්මය අත නොහැර පිරිසිදු ගින්දර වගේ බැබලී ඔවුන්ගේ ජීවිතය ගෙන ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *