චිත්රපටියේ කතාව ගැන කිව්වොත් මේක ඉතින් 2012 කාලේට ගැලපෙන්න හදලා තියනවා කියලා කියන්න ඕනි.. කතාව කියන්නම්කෝ.. විජයවාඩාම බය කරගෙන ඉන්න මැරයෙක් ඉන්නවා. ඒ කාසි… ඔහුගේ නම ඇහුවාත් මුළු ටවුමම බයයි.. කොහොම හරි ශිවා හා එයාගේ පවුලේ අය මේ ටවුමට එනවා තමන්ගේ ආච්චිලාගේ ගෙදරට.. ශිවාගේ තාත්තා පොඩි ගැටළුවක් නිසා කාසි එක්ක පැටලෙනවා.. තමන්ගේ තාත්තාට මොකක් හරි වෙනවාට ශීවාට ඉවසන්නේම නැහැ.. කොහොම හරි ශිවා හා කාසිගේ ගැටුම මෙතැනදි පටන් ගන්නවා. කාලේකින් පරණ තාලේ පාවෙන වලි එක්ක තෙලෙගු ෆිල්ම් එක්ක බලන්න හිතනවා නම් මෙන්න ෆිලුම. එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.