චිත්‍රපටි දමිළ

A1 (2019) AKA A1: Accused No. 1 Sinhala Subtitles | මේ ඔක්කොම මිනිය වලදානකල් විතරයි. [සිංහල උපසිරසි]

සරවනන්ගෙ පස්සෙන් කෙල්ලෙක් ඇවිත් සරවනන්ට කැමතියි කියනවා. මදිවට දැකලා පොඩි වෙලාවයි ගත වුණේ. සරවනන්ට හාදුවක් දෙනවා. ඊටත් අයියර් කෙල්ලෙක්. අයියර්ලා හින්දු බ්‍රහ්මචාරී ජන කොට්ඨාසයක්. කොහොමින් හරි සරවනන් අයියර් කෙල්ල දිව්‍යාගේ තාත්තා හමුවෙලා කසාදෙට කැමැත්ත ඉල්ලනවා. අයියර් සරවනන්ට ලැජ්ජා කරලා ගෙදරින් යන්න කියනවා. තාත්තා හරස් වන නිසා දිව්‍යාත් සරවනන්ගෙන් වෙන් වෙනවා. හොඳටම බීලා ඉඳපු සරවනන් හිතා ගන්නවා අයියර්ව මරලා දාන්න. ඔව්, සරවනන් එලිවෙන පාන්දරම වැඩේ කරනවා. මේක ‘චූදිත අංක 01’ගෙ කතාව.

මේ චිත්‍රපටය ජොන්සන් K. කියන අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණයක්. ජොන්සන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය මේ චිත්‍රපටය වනවා වගේම මින් පෙර සහය අධ්‍යක්ෂණයෙන් හෝ කිසිම අධ්‍යක්ෂකවරයෙක් යටතේ කටයුතු කර නැහැ. ජොන්සන් 2021දී සන්තානම් හා නැවත Parris Jeyaraj (2021) අධ්‍යක්ෂණයෙන් නැවත එකතු වනවා. කොහොම වුණත් පැරිස් ජයරාජ් චිත්‍රපටයේ මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂක වරයා සිත් තැවුලකිනුයි කතා කලේ.

මේ චිත්‍රපටය පුරාවටම හාස්‍යට පමණක් අවධානය යොමු කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටයක්. සන්තානම් හා අනෙකුත් පෙනෙන චරිත හැරුණු විට සුළු චරිත පවා හාස්‍යෝත්පානයට මනාව දායක කරගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් චිත්‍රපටයේ කතාවක් නැති තරම්. ඒත් අනිවාර්යයෙන්ම හිනාවට නම් විවේකයක් නැති වෙයි. මේක තනිවම කියාගෙන තනිවම හිනාවෙන චිත්‍රපටය නම් නෙවෙයි. සන්තානම්ගේ ටයිමින් පන්ච් කොමඩි ගැන කලින් චිත්‍රපටවල ලිපි වලදි මම සඳහන් කලා. විශේෂයෙන්ම චිත්‍රපටයේ දෙවන භාගය සන්තානම් හා කල්ලිය Slapstick හාස්‍ය රංගනයෙන් වඩාත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කලා.

සන්තානම් සමඟින් තාරා අලීෂා, මාරන්, රෙඩින් කින්ග්ස්ලි, එම්. එස්. බාස්කර්, සයි කුමාර්, රාජේන්ද්‍රන්, මනෝහර්, උමා පද්මනාබන් යන අය රංගනයෙන් දායක වනවා.

සංගීතයෙන් Kaalaa (2018), Kabali (2016), Jagame Thanthiram (2021), Karnan (2021) ආදි චිත්‍රපට වලට සංගීතය සැපයූ සන්තෝෂ් නාරායන් සම්බන්ධ වනවා. “මාලෙයි නේරම් මල්ලිපූ” සින්දුව යූටියුබ්, ෆේස්බුක් වල නිතරම අහන්න පුළුවන් සින්දුවක්. ගොඩක් වෙලාවට ‘Thug Life’ මීම් වීඩියෝ වලට අරගන්න සින්දුවක්. සන්තෝෂ් නාරායන් ගනා සංගීතය ජ්‍යාත්‍යන්තරයට ගෙන යන්න දායක වුණ කෙනෙක්. මේ මැඩ්‍රාස් භාෂාවෙන් එන ගීත රචනයෙ රොකේෂ් වගේම සීන් රෝල්ඩන්ගේ. රොකේෂ් තනි මැඩ්‍රාස් භාෂාවෙන් ගීත රචනාවෙන් හුඟක් ප්‍රසිද්ධියට පත් වුණා.

සන්තානම් මීලඟට Agent Sai Srinivasa Athreya (2019) චිත්‍රපටයේ රීමේක් එකක් විදිහට Agent Kanayiram චිත්‍රපටය පැමිණීමට නියමිතයි. තවත් විශේෂ දෙයක්, මේ චිත්‍රපටයේ සංගීතය යුවන් ශංකර් රාජාගෙ. සන්තානම්ගේ විහිළු එක්ක වෙනස කොහොමද කියලා බලමු.

නිකුත් වීමෙන් පසු ප්‍රේක්ෂකයින්ගේ ධනාත්මක විචාර ලබාගන්නට හැකි වුණා. විචාරකයන් සඳහන් කලේ ආතතිය සම්පූර්ණයෙන්ම මඟහැර ගන්න මේ චිත්‍රපටයෙන් හැකි කියායි. කලින් චිත්‍රපට වගේම විහිළු හැරෙන්නට කතාවක් නැහැ කියලත් කියා තිබුණා.

විශේෂ අවස්ථාවක් විදිහට, පැය තුනක් කියන්නෙ කොච්චර වෙලාවක්ද? චිත්‍රපටය බැලුවොත් හරියට තේරුම් ගන්න බැරි වෙයි. චිත්‍රපටිය හරියට බැලුවොතින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසයි කියන්නේ සන්තානම් චිත්‍රපටියක් බලද්දි ඒවා මතක් වෙන්නෙ නැහැ කියලා.

Leave a Reply

Your email address will not be published.