සරවනන්ගෙ පස්සෙන් කෙල්ලෙක් ඇවිත් සරවනන්ට කැමතියි කියනවා. මදිවට දැකලා පොඩි වෙලාවයි ගත වුණේ. සරවනන්ට හාදුවක් දෙනවා. ඊටත් අයියර් කෙල්ලෙක්. අයියර්ලා හින්දු බ්‍රහ්මචාරී ජන කොට්ඨාසයක්. කොහොමින් හරි සරවනන් අයියර් කෙල්ල දිව්‍යාගේ තාත්තා හමුවෙලා කසාදෙට කැමැත්ත ඉල්ලනවා. අයියර් සරවනන්ට ලැජ්ජා කරලා ගෙදරින් යන්න කියනවා. තාත්තා හරස් වන නිසා දිව්‍යාත් සරවනන්ගෙන් වෙන් වෙනවා. හොඳටම බීලා ඉඳපු සරවනන් හිතා ගන්නවා අයියර්ව මරලා දාන්න. ඔව්, සරවනන් එලිවෙන පාන්දරම වැඩේ කරනවා. මේක ‘චූදිත අංක 01’ගෙ කතාව.
මේ චිත්‍රපටය ජොන්සන් K. කියන අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණයක්. ජොන්සන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය මේ චිත්‍රපටය වනවා වගේම මින් පෙර සහය අධ්‍යක්ෂණයෙන් හෝ කිසිම අධ්‍යක්ෂකවරයෙක් යටතේ කටයුතු කර නැහැ. ජොන්සන් 2021දී සන්තානම් හා නැවත Parris Jeyaraj (2021) අධ්‍යක්ෂණයෙන් නැවත එකතු වනවා. කොහොම වුණත් පැරිස් ජයරාජ් චිත්‍රපටයේ මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂක වරයා සිත් තැවුලකිනුයි කතා කලේ.
මේ චිත්‍රපටය පුරාවටම හාස්‍යට පමණක් අවධානය යොමු කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටයක්. සන්තානම් හා අනෙකුත් පෙනෙන චරිත හැරුණු විට සුළු චරිත පවා හාස්යෝත්පානයට මනාව දායක කරගෙන තියෙනවා. ඇත්තටම කිව්වොත් චිත්‍රපටයේ කතාවක් නැති තරම්. ඒත් අනිවාර්යයෙන්ම හිනාවට නම් විවේකයක් නැති වෙයි. මේක තනිවම කියාගෙන තනිවම හිනාවෙන චිත්‍රපටය නම් නෙවෙයි. සන්තානම්ගේ ටයිමින් පන්ච් කොමඩි ගැන කලින් චිත්‍රපටවල ලිපි වලදි මම සඳහන් කලා. විශේෂයෙන්ම චිත්‍රපටයේ දෙවන භාගය සන්තානම් හා කල්ලිය Slapstick හාස්‍ය රංගනයෙන් වඩාත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කලා.