කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො.
වසර 6කට පෙර අතුරුදහන් වුන තමන්ගෙ දුවව හොයාගෙන ලමා ජාවාරම්කරුවන් පස්සෙ යන ගුවාන් නිං පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.පොලීසියට යන අතරමගදි ටියු ලින්ග් නම් කාන්තාවගේ සහයෙන් පොලිස් අත්අඩංගුවෙන් ඔහු පලා යනවා.ඇලඩින් නම් සමාගමකට වැඩ කරන ටියු ලින්ග් ගුවාන්ගේ දුවව සොයාදීමට හැකි බවත් ඒ වෙනුවට කොංවෙන් නම් නවකතාකරුවාව ඝාතණය කිරීමට ඔහුට සිදුවන බවත් පවසනවා.කොංවෙන්ගේ ගෝඩ්ස්ලේයර් නම් නවකතාවේ රෙඩ්මෙන් නම් චරිතයට යම් අසනීපයක් හෝ අනතුරක් සිදුවන සෑම අවස්ථාවකම මේ ඇලඩින් සමාගමේ අයිතිකරු ලි මූව ක්ලාන්ත වෙනවා.මේ නවකතාවේ ප්රධාන චරිතය වෙන කොංවෙන් තමන්ගේ සහෝදරියගේ මරණයට පලිගන්න රෙඩ්මෙන්ව සොයාගෙන යනවා.ඉතින් කොංවෙන් රෙඩ්මෙන්ව සොයායාම නවත්තන්න නවකතාකරුව ඝාතණය කිරීමයි ලී මූගෙ සැලසුම.නවකතාවක වෙන සිදුවීම් සැබෑ ලෝකයට බලපාන්නෙ කොහොමද, මේ වැඩේට ගුවාන්ව තෝරගන්නෙ මොකද, ඔහුගෙ දුවට මොකද වුනේ කියලා චිත්රපටය නරඹලාම දැනගන්න.
A Writer’s Odyssey (2021) AKA Ci sha xiao shuo jia Sinhala Subtitles | යථාර්ථයක් වූ මනඃකල්පිත ලෝකය [සිංහල උපසිරසි]