කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ නෙයිනා කියන්නේ පෙරපාසල් ගුරුවරියක්.. ඇයගේ පෙම්වතා වෙන රොහිත්ගේ නිවසේ තමයි මේ පෙරපාසල ඇය පටන් අරන් යන්නේ.. හැමදාම වගේ සුපුරුදු පරිදි පෙර පාසලේ වැඩ ගෙවිලා යනවා. හැබැයි මේ අපි කියන බ්රහස්පතින්දා දවසේ.. නෙයිනා එක පාරටම කවුරුත් නොහිතපු දෙයක් කරනවා. ඒ කියන්නේ පෙර පාසලේ ඉන්න ළමයි 16 දෙනෙක් ප්රාණ ඇපයට අරගන්නවා. පෙර පාසලේ ගුරුවරියම ළමයින්ව ප්රාණ ඇපයට ගත්තා කිව්වාම කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ මුලින්. නමුත් එන්න එන්න තත්වය සංකිර්ණ වෙන්න ගන්නවා.. ඇය මේ විදියට ළමයින් 16 දෙනෙක් ප්රාණ ඇපයට අරන් කරන්න යන වැඩේ මොකක්ද? ඇයි මේ ගුරුවරිය එක පාරටම මේ විදියට දරුණු තිරණයක් ගත්තේ?
