මැක්ස් කියන්නේ දගකාර හැබැයි සගීතයට ආදරේ කරන කොලු ගැටයෙක්. ඒත් ප්රින්සිපල් මේසර්ට නම් මේ හාදයාව දිරවන් නෑ.ප්රින්සිපල් මේසර් මේ මැක්ස්ගේ තාත්තා වන ගූෆ්ට කතා කරලා මැක්ස් ගැන ලබා දෙන අවවාදයක් නිසා ගූෆ් තීරණය කරනවා මැක්ස් එක්කන් නිවාඩුවක් ගත කරන්න යන්න ඒ යන ගමන නිසා ගොඩක් දේවල් ඇතිවෙනවා වගේම,මැක්ස්ට දාලා යන්න බැරි කෙනෙකුත් ඉන්නවා.එහෙනම් කතාව බලලා ඔයාලම තීරණය කරන්නකෝ මොනවද ඉදිරියට වෙන්නේ කියල.
