ඔයාලා නිකමෙට මෙහෙම හිතන්න.ඔයා ඔයාගෙ යාලුවො ටිකක් එක්ක කොයෙහරි දුර ගමනක් යනවා. ඉතිං ඔන්න ඒ දුරගමනෙදි ඔයාල යන වාහනය රිය අනතුරකට ලක් වෙනවා.ඉන් ඇතිවන කම්පනය නිසා ඔයාල හැමෝටම කලන්තෙ දානව කියල හිතන්න.. හරිනම් ඔයාලට ඉන් පස්සෙ ඔයාලා අවදි වෙනකොට ඔයාල ඉන්න ඕන ඔයාල යමින් හිටිය පාර අයිනෙ නේ. ඒත් ඔයාල නැගිටිද්දි.. ඔයලා කාත්කවුරුවත් නැති,ගස් වලින් වටවිච්ච මිටියාවතක් මැද හිටියොත්…ඔයාල මොනව කරයි ද?
ඉතින් මෙන්න මේ ෆිලුම බලලම ඔයාල තීරණයකට එන්නකෝ. චිත්රපටය පුරාවටම දිවයන්නෙ අන්න ඒ වගේ සිදුවීමක්. වියරු සිදුවීම් මාලාවක ගොනුවක් තමා මේ චිත්රපටය පුරාවට දිවයන්නෙ. ඉතිං විශේෂයෙන් කියන්න ඕන මේ චිත්රපට imdb රේටින්ග්ස් 5.7 ක් සහ රොටෙන් ටොමෑටොස් මීටරෙ 50%ක් විතරක් කරවලා තිබ්බට, horror චිත්රපට වලට ආදරය කරන ගොඩක් අයගෙ සහ ප්රවීන චිත්රපට විචාරකයන් පවා කියන්නෙ මේ චිත්රපටය ඉතා හොද නිර්මාණයක් කියලා. සැකයක් තියෙන අය පූර්ව ප්රචාරක පටය නරඹලම තීරණේකට එන්න. ඒ වගේම මේ චිත්රපටයේ මියුසික් එඩිටින් සුපිරියටම කරල තියෙනවා. ටිකක් භයානක, සුපිරි ආශ්වාදෙයක් ලබාගන්න ඕන අය හෙඩ් සෙට් එකක් වගේ භාවිත කරල චිත්රපටය නරඹනවනම් වඩාත් සුපිරි අත්දැකීමක් ලබාගන්න පුලුවන්. කොහොම උනත් ඉතිං නමටම ගැලපෙන ෆිල්ම් එකක් කියල බය නැතිව කියන්න පුලුවන්. එහෙනම්,චිත්රපටය නරඹන්න හැමෝටම ආරාධනා කරමින් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්! ජයවේවා!🤜🤛