කතාව ගැන කිව්වොත් එහෙම මේ කතාවේ සිදුවිම වෙන්නේ 2020 කොවිඩ් වසංගතය පැතිරෙන්න ගත්ත මුල්ම දවස් වල.. මතක ඇතිනේ කොවිඩ් පැතිරෙන්න ගත්තාම මුළු ලොකේම රටවල් ලොක් ඩවුන් කලා කියලා. ඉතින් ඉන්දියාවෙත් එක පාරටම දාපු මේ ලොක් ඩවුන් එක නිසා කොච්චි බස් සේරම ගමනාගමනය නවත්තලා දැම්මා. ටවුන් වල හිරවෙලා හිටපු අයට ගම් වලට යන්න උනේ පයින් ඇවිදගෙන.. ඉතින් මේ කාලයේම නගරයෙන් ටිකක් ඇත ලොකු විලා එකක් තිබුනා. ඒ ෆාම් හවුස් එකේ ලිපිනය තමයි 36 කියන්නේ.. කොහොම හරි මේ ගෙදර අයිති වෙලා තිබ්බේ පවුලක ලොකු අයියාට. නමුත් ඒ පවුලේ තව සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයත් මේ ඉඩමට ඇහැගහන් තමයි ඉන්නේ. නමුත් අම්මා ඉන්නේ ලොකු අයියා එක්ක නිසා අම්මා තමන්ගේ ලොකු පුතාට තමයි මේ මුළු අක්කර ගානක ඉඩමම ලියලා තියෙන්නේ..මේ ගැන දැනගන්න ලැබුන ගමන් අනික් සහෝදරයෝ දෙන්නා නිතිඥයෙක් එවනවා එහෙම ගෙදර තනියම බුක්තිවිදින්න බැහැ හැමෝටම සම අයිතිය තියෙන්න ඕනි කියලා. මේක අහපු ලොකු අයියා ඒ නිතිඥයා එක්ක බහින්බස් වෙලා ඇති වුන රණ්ඩුවකින් නිතිඥයාව මරා දමනවා. ඔතැනින් තමයි කතාව ආරම්භ වෙන්නේ..
