Cruella චිත්රපටයේ කතාව ගැන ටිකක් බැලුවොත් එස්ටෙලා ඉපදෙන තැනින් තමයි කතාව පටන්ගන්නේ. එස්ටෙලා අම්මා එක්ක තමයි ජීවත් වෙන්නේ. හැබැයි එයා පොඩි කාලෙ ඉඳලා නපුරුකමට ටිකක් බරයි. එයාගේ කොණ්ඩේ එක පැත්තක් සුදුයි, අනිත් පැත්ත කලුයි. පුද්ගලිකත්වයත් ඒ වගේ. එක වෙලාවකට නපුරුයි. අනිත් වෙලාවට හොඳයි.
එස්ටෙලාට එයාගේම අම්මාව පවා සමහරවෙලාවට රුස්සන්නේ නෑ. පාසලට ගියාම එතනත් වලි දාගන්නවා. ඉතින් බැරිම තැන එස්ටෙලාව පාසලෙන් අස් කරනවා. අස් කරන්න කලින් එස්ටෙලාගේ අම්මා එයාව අස් කරගන්නවා. (ඒක වෙන විදිහ චිත්රපටයෙන් බලන්නකෝ.) එයාලා හදන්නේ ලන්ඩන්වල රීජන්ට්ස් පාක්වල පදිංචියට යන්නයි. යන අතරතුරේ උදව්වක් ඉල්ලන්න එස්ටෙලාගේ අම්මා යාළුවෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එස්ටෙලාගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ…
ඉතින් කවුද එස්ටෙලාගේ අම්මගේ යාළුවා? එස්ටෙලාට හොඳ කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද? එතකොට කෘඑලාගේ බිහි වීම සිද්ධ වෙන්නෙ කොහොමද? මේ ප්රශ්ණවලට උත්තර ෆිල්ම් එකේ පැහැදිලි කරලා තියෙනවා. පවුල එක්ක එකතු වෙලා බලන්න පුලුවන්, පැය දෙකයි, විනාඩි 14ක් ධාවනය වෙන අපූරු කම්මැලි නැති කතාවක් තමයි මේක.
Cruella (2021) Sinhala Subtitles | කෘඑලා ඩි විල්’ගේ අතීත කතාව… [සිංහල උපසිරසි]