” මේ අහන්න..
සංගීතය කියන්නේ.. එක්තරා ඇබ්බැහිවීමක්(මත්බවක්)…
කතාවක් තියෙනවා,
ස්වර, තාලය තියෙන ඕනම දෙයක් දෙවියන් අතින් ආශිර්වාද කරලා දීපු තෑගී කියලා…
ඒ ඔක්කොම බොරු.
දන්නවද ඔය පිස්සු මිනිස්සු වේදිකාවේ ඉදිරිපත් කිරීම් කරන්න ආස ඇයි කියලා?
අත්පොලසන් නාද වලින් ලැබෙන මත්බව තියෙනවා නේද…
ඒ ඇබ්බැහිවීම පැතිරිලා තියෙන්නේ උන්ගේ නහර වල…
ඊට පස්සේ,
එක මත්බවකින්, තව මත්බවකට මාරු වෙනවා…
ටිකෙන් ටික මේ සංගීතය…
ඔයාගෙන් ඔයාගේ හැමදේම හොරකම් කරගන්නවා…
මේ ලෝකයේ, හැම රෝගයකින්ම…
හැම දරුණු නරක ඇබ්බැහිවීමකින්ම…
සියල්ලටම වඩා නරකම එක තමයි…
සංගීතය…! “
මේ තාත්තෙක් පුතෙකුට දෙන උපදෙසක්. නමුත් මේ හිතුවක්කාර පුතා එම අවවාදය කනකට ගන්නේ නැහැ. ඔහු සංගීතය පස්සෙන්ම පන්නනවා. 99Songs, ඒ කතාවයි. සංගීතයට ආදරය කරන හැම කෙනෙක්ම මග බලාසිටි Musical Romantic චිත්‍රපටය 99songs චිත්‍රපටය ඔබ වෙත රැගෙන එන්නයි මේ සූදානම. විශේෂත්වය ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨයා A. R. රහ්මාන් විසින් රචිත කතාවක් මත ගොඩ නැගුනු මෙම චිත්‍රපටය ඔහු විසින්ම පසුබිම් සංගීතය මුසු කර, සංගීතවත් කර නිෂ්පාදනය කර සිනමාවට බාර කිරීමයි.
2017 වසරේ සිට නිහඬව මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹෙන අතර හින්දි, තෙලුඟු, දමිල භාෂා තුනෙන්ම මෙය නිපදවෙනවා. හුසේන් දලාල් සහ ගෞතම් මෙනන් මහතා මෙහි තෙලුඟු සහ දමිල දෙබස් රචනා කරනු ලබනවා.
99 Songs (2021) Sinhala Subtitles | සංගීතමය චාරිකාව… [සිංහල උපසිරසි]