කතාව ගැන කියනවා නම් ජෙනිෆර් කියන්නේ හොදට ඉගෙන ගත්තු තරුණ ලස්සන ගෑණු ළමයෙක්. එයා එයාගේ යාළුවෝ එක්ක ගොඩක් විනෝදෙන් තමා කාලේ ගතකරන්නේ. දවසක් මේ සෙට් එක යනවා කදු නගින්න. ඉතින් එයාලා ඒ යන නගරේ ගොඩක් අමුතු තැනක්. එයාලා නවාතැන් ගන්න තැන ඉන්න ගෑනු කෙනා කියනවා “ඔයාලා කොයිම වෙලාවකත් යන පාරෙන් පිටට යන්න එපා කියලා” ඉතින් ඔන්න යාලුවෝ සෙට් එක කන්ද නගින්න පටන් ගන්නවා. ඉතින් එයාලා යන මාර්ගය වැටිලා තියෙන්නේ සිවිල් යුද්දයේ යුද පිටියක් මැදින්. ඔන්න යාලුවෝ සෙට් එක පාරෙන් පිට පැනලා අර යුද්ධේ කාලේ පුරාවස්තු තියනවද හොයන්න යනවා. ඒත් ඊට පස්සේ සිද්ද වෙන්නේ එයාලා හීනෙකින් වත් හිතුවේ නැති දෙයක්…
එහෙනම් එතනින් එහෙට මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. ත්රාසය භීතිය කුතුහලය උපරිමයි. හැබැයි කලින් ෆිල්ම් ටික මනසෙන් අයින් කරලා මේක අලුත් ෆිල්ම් එකක් කියලා හිතන් බලන්න.. මොකද මේක අලුත්ම වෙනස්ම විදිහකට ආව එකක් නිසා.
Wrong Turn (2021) Sinhala Subtitles | අත්භූත කදුවැටියේ භීෂණය [සිංහල උපසිරසි]