චිත්රපටියේ නමේ සදහන් වෙනවා වගේම නීෂාගෙ යළි ඉපදීමක් ගැන තමයි කියවෙන්නෙ.
නීෂා විසින් මකර රජුගේ පුත්රයාව ඝාතනය කිරීමෙන් පස්සෙ කෝපයට පත් වෙන මකර රජු අනිකුත් මකර රජවරු සමග එක්ව සටන් කොට නීෂාව විනාශ කර දමා තිබෙනවා. දෙව්ලොවේ ස්වාමියා විසින් නීෂාගෙ ආත්මය සදාකාලිකවම දෙව්ලොවට ගෙන්වා ගත්තත් නීෂා දෙව්ලොවෙන් පලා ගොස් යළි යළිත් ආත්මභාවවල උත්පත්තිය ලබනවා. ඒ වගේම මකර රජුද නීෂාගෙ ඒ ආත්මභව සොයමින් ඔහුව නසා දමා තිබෙනවා. ඉතින් වසර 3000ක් මේ විදිහට දිව යන කෝන්තරය යළි එළියට එන්නෙ නීෂා ලී යුන්ෂින් නම් තරුණයෙකු ලෙස ඉපදී සිටීම එක්ක.
පෙර ආත්මවල වගේම මේ ආත්මයෙත් මකර රජුගේ පුත්රයා නීෂා සමග යම් අරගලයක් ඇති කරගැනීමක් එක්ක දෛවෝපගත සටන යළි ආරම්භ වෙනවා. ඒ ප්රචණ්ඩකාරී නීෂාගෙ පිබිදීමත් එක්කයි. ඒවගේම තමා මේ චිත්රපටියෙන් සුන් වුකොන්ග් එහෙමත් නැත්නම් මන්කි කින් එහෙමත් දැක බලාගන්න පුළුවන්.
New Gods: Nezha Reborn AKA Xin Shen Bang: Ne Zha Chongsheng (2021) Sinhala Subtitles | දෛවෝපගත පලිගැනීම [සිංහල උපසිරසි]