කතාවෙ පසුබිම ටිකක් බැලුවොත්, මිචල් පවුලෙ සාමාජිකයො හතර දෙනෙක් ඉන්නවා. අම්මා, තාත්තා, දුව, පුතා. දුවගෙ නම කේටි මිචල්. එයා කැමති ටිකක් අමුතු විදිහෙ චිත්රපට හදන්නයි. ඒ වගේම තද චිත්රපට පිස්සියක්. එයාගේ එකම ආසාව චිත්රපට පාසලට ඇතුල් වෙන එක. කේටිගේ මල්ලි ඒරන් මිචල්, ඩයිනෝසර් පිස්සෙක්. ඩයිනෝසරයන්ගෙන් තොර ලොවක් මිනිහට නැති තරම්. ඒ වගේම මිනිහා පවුලෙ අයට ගොඩක් ආදරෙයි. තාත්තා පරිසරයට ලැදි, පරිසරය එක්කම ගැටෙන්න කැමති හාදයෙක්. අම්මා පළමු වසරෙ ළමයින්ට උගන්වන ගුරුවරියක්. තව හුරතල්, වපර බල්ලෙකුත් ඉන්නවා මෙයාලට. 😂 ඔව්, සෑහෙන වෙනස්කම් තියෙන අයගෙ එකතුවක් තමයි මිචල් පවුල. මොන වෙනස්කම් තිබ්බත් මේ පවුලෙ පොදු ලක්ෂණය තමා අමුතු බව. ඔයාලා ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි.
හරි මිචල් පවුල ගැන කතා කළානෙ. දැන් පොඩ්ඩක් කතා කරමු මොකක් වටාද කතාව දුවන්නෙ කියලා. කතාව යන්නෙ රොබෝ කැරැල්ලක් වටා. ඔයාලා දන්නවා ඇතිනෙ දැනටමත් ලෝකෙ ගොඩක් දියුණු කෘතිම බුද්ධි තාක්ෂණයන් තියෙනව කියලා. ඔයාලා සමහර ඒවා දැනටමත් පාවිච්චි කරනවා ඇති. Apple Siri, Google Assistant කියන්නෙත් ටිකක් දියුණු කෘතිම බුද්ධි තාක්ෂණයන්. ඊට අමතර අපි එදිනෙදා පාවිච්චි කරන ඒවා ගොඩක් තියෙනව Everyday Examples of Artificial Intelligence කියලා ගූගල් කරලා බලන්නකෝ. එතකොට දැනගන්න ලැබෙයි.
The Mitchells vs. the Machines (2021) Sinhala Subtitles | මිචල් පවුලේ රොබෝ යුද්ධය [සිංහල උපසිරසි]