භූමිකා ආරම්භ වන්නේ නාගපට්ටිනම් අසල සිදු වූ අනතුරකින්.. මිනිසෙකු තම ගැබිනි බිරිඳට දුරකථනයෙන් කතා කරමින් සිටියදී ට්‍රක් රථයක් ඔහුගේ කාරයේ ගැටී ඔහු මිය යනවා. පසුව කතාව ඌටිවල පුදුමණ්ඩු ගම්මානය වෙත මාරු වන අතර එහිදී අපට ප්‍රධාන චරිත කිහිපයක් මුණ ගැහෙනවා. ගෞතම් හා ඔහුගේ මනෝවිද්‍යාඥ බිරිඳ සෑම් (අයිශ්වර්යා රාජේෂ්) සහ පුතා සිදු සමඟ ඇමතිවරයෙකුගේ දේපළ වෙළඳාම් ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීම සදහා පිටත් වනවා. ඔවුන් සමඟ ගෞතම්ගේ මිතුරිය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ගයාත්‍රි ඔහුගේ ව්‍යාපෘතියට උදව් කිරීමට ආරාධනා කරන අතර ඔහුගේ සහෝදරිය වන ආර්තිද ඔවුන් සමඟ ගමනට එකතු වෙනවා.
ඔවුන් දුර බැහැර වත්තක පිහිටි පරණ පාසැල් ගොඩනැගිල්ලක් වෙත යන අතර, ඉතා ඉක්මනින් අමුතු දේවල් සිදු වීමට පටන් ගන්නවා. ගයත්‍රී ක්‍රිෂන් නම් ඇගේ සහ ගෞතම්ගේ යහළුවෙක් සමග මැසේජ් කර කර ඉන්න අවස්ථාවක එතනට පැමිණෙන ගෞතම්ගේ නැගණිය ඉස්සර ක්‍රිෂාන් නිතර නිතර තමන්ගේ ගෙදරට පැමිණෙන බවත් ඔහු කඩවසම් පුද්ගලයෙක් බවත්ය. ඔහුගේ මෑතකදි ගන්නා ලද ජායාරූපයක් ඉල්ලාගන්න ලෙස ආදිති ගයත්‍රිගෙන් ඉල්ලීමක් කරනව. එක පාරම ෆොටෝ එකක් ඉල්ලන්න බැරි නිසා දෙන්න එකතුවෙලා සෙල්ෆියක් අරන් ක්‍රිෂාන්ට යනවා. පස්සෙ එයාගෙ ෆොටෝ එකක් එවන්න කිව්වාම එයා කියනව එයාගෙ ෆොටෝ එකක් ඔයාගෙ ෆෝන් එකේ තියෙනව කියල.
ගයත්‍රියි අදිතියි පුදුම වෙලා ගැලරිය පරීක්ෂා කරල බලන්න හදනකොට කියනව ගැලරියේ නෙමෙයි, දැන් එවපු ෆොටෝ එක හොදට බලන්න මම ඒකෙ ඉන්නව කියල. ෆොටෝ එක සූම් කරල බලනකොට ආදිති බයවෙලා කෑ ගහනවා. එතනට එන සෑම් මොකද අහල එයාලගෙ බය නැති කරත් ගමනක් ගිහින් එතනට එන ගෞතම් කියන දෙයින් ඔක්කොමලා භීතියෙන් තැති ගන්නවා. ඒ මොකද්ද දන්නවද ? ක්‍රිෂ්ණා පහුගියදා රාත්‍රියේ අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා කියන ආරංචිය. ක්‍රිෂ්ණා මැරුණා නම් ගයත්‍රී එක්ක මැසේජ් කරන අත්භූත පුද්ගලයා කවුද ?… එයාගෙ ඉලක්කය වෙන්නෙ මොකද්ද ?