චිත්රපටියේ කතාව ගැන ටිකක් කියනවා නම් ප්රධාන චරිතය මනොජ් හෙසී තමන්ගේ නගරයේ ටිකක් නම් දරපු පොලිස් නිලධාරියෙක්. මොහු නගරයේ ප්රසිද්ධ පාසලක උත්සවයකට තම පුතාත් සමග සහභාගී වූ අවස්තාවක එම උත්සව ශාලාවට කරපටියේ බෝම්බයක් බැඳි බෝම්බකරුවෙක් පැමිණෙනවා. ඔහු කවුද? ඔහුව මෙහෙයවන්නේ කවුද? ඔවුන්ගේ ඉල්ලීම් මොනවද?මනෝජ් හෙසී ඉලක්ක කරන්නේ ඇයි? ප්රාණ ඇපකාරයින්ට මොනවා වෙයිද? අවසානේ බෝම්බෙ නිශ්ක්රීය කරගන්න පුලුවන් වෙයිද? මෙන්න මේ වගේ ප්රශ්න ගොඩකට චිත්රපටය පුරාම ඔබටත් මුහුණ දෙන්න වේවී. එසේ නම් නරඹාම අත්දැකිම විඳ ගන්න