මගෙ ආච්චි නිතරෝම කියනවා
මේ ලෝකෙ රස නැති ජාති දෙකක් තියෙනවයි කියල.
අච්චාරු නැති කෑම වේලයි, ආදරේ නැති ජීවිතෙයි.
පන්ජාබෙ ඉඳන් ඇමෙරිකා එනකොට
මම කොච්චර අච්චාරු ගෙනාවද කියනවනම්…
ඒවා පීසා වලටයි බර්ගර් වලටයිත් දාගෙන කෑවා.
අච්චාරු ගැන මට හොඳ මතකයන් ටිකක් තියෙනවා.
ඒත්, මේක මම ආච්චිගෙන් ඉගෙන ගත්තු දෙයක්.
ඔයා ආදරේ කරන හැම දෙයක්ම මතකයෙ තියාගන්න.
ඒ මතකයන් හදවතෙ තියාගන්න.
ආච්චි ලාහෝර් දාල ගිහින් අවුරුදු 70ක් වෙනවා.
ඒත් පුංචි පුංචි දේවල්වලින් ඒ පාරවල්,
අසල්වැසියො, එයාගෙ ගෙදර එහෙම මතක් වෙනවා.
පාකිස්තානයයි ඉන්දියාව වෙන් කරනකොට,
එයාගෙ ආත්මයෙන් කොටසක් එහෙ දාලයි ආවෙ.
එයයි සීයයි එකතු වෙලා හදපු ගෙදර.
ඒ ගෙදර බිත්ති පිරිල තියෙන්නෙ ඒ මතකයන්ගෙන්.
සමහරවිට බිත්ති වල පාට එහෙම නැතුව ඇති.
ඒත් මතකයන්ගෙ පාට එහෙමම ඇති කියල එයා හිතුවා.
එයාට ඕනෙ වුනේ මැරෙන්න කලින් ආපහු ඒ ගෙදරට යන්න.
ඒත් ඒක කරන්න බැරි වැඩක් වුනා.
මොකද එයා කරපු වැඩක් නිසාම,
එයා පාකිස්තානෙට බ්ලැක්ලිස්ට් කෙනෙක් වුනා.
දැන් ඉතින් මොකද කරන්නෙ?
ආච්චිට එහෙ යන්නත් බැරි නම්,
ගෙදර ඉන්දියාවට ගේන එක තමයි කරන්න තියෙන්නෙ.
සර්දාර් කා ග්රෑන්ඩ්සන් (2021) Sinhala Subtitles | අහිමි වූ මතකයන් සොයා… [සිංහල උපසිරසි]