චෙලියන් කියන්නේ සුධින්දර දේශිය ජනනායග පක්ෂයේ නායකතුමා. අවුරුදු 5ක් විපක්ෂයේ ඉදලා එළඹෙන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අවංක ජන නායකයෙක්. ” රාජවංශික දේශපාලනය එපා! “ය, යන්න තමා ඔහුගේ මෙන්ම පක්ෂයේ ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. එනිසාම තම එකම පුත්‍රයාවත් දේශපාලනයට යොමු නොකර රජයේ පාසලකින් ඉගෙනුම ලබා දී වෛද්‍යවරයෙක් ලෙස විදේශයක පදිංචි කරන ලද්දේ. මැතිවරණ කටයුතු පැවැත්වෙන අතරතුර චෙලියන් නායකතුමා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කරනව. එම රෝහලේ වෛද්‍යවරියක් විදියට තමයි ගයත්‍රී කටයුතු කරන්නේ. ගයත්‍රී තම කන් ඇහෙන්නේ නැති දියණිය සමග තනියමයි වාසය කරන්නෙ. චෙලියන් මහතා රෝහල් ගත කලාට පස්සේ එම පක්ෂයේ දෙවැනියට ඉන්න කාලිංගන් පැමිණ චෙලියන් මහතා ප්‍රතිකාර ගන්න වාට්ටුව අවට සියලුම සී.සී.ටී.වී.සම්බන්ධතා අක්‍රිය කරන්න කියල ගයත්රිට බල කරනව. එම තර්ජන වලට බය නොවන ගයත්‍රී කෙසේ හෝ චෙලියන් මහතාව කෙමෙන් කෙමෙන් සුව අතට පත් කරමින් සිටියදී හදිස්සියේම දිනක දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව ජීවිතයෙන් සමුගන්නවා. නමුත් මේ මරණය ස්වාභාවික හේතුවකින් තොරව සිදුවන මරණයක් බව ගයත්‍රී දැනගන්නවා. ගයත්රිට සැක පහල වෙලා තිබුණේ නිතරම තමන්ට තර්ජනයක් වෙලා හිටිය කාලිංගන් මෙයට සම්බන්ධයක් ඇතිය යන්නයි. කෙසේ හෝ කාලිංගන් ගේ මහ ඇමති සිහිනය බොද කරමින් චෙලියන් මහතාගේ පුත් තමිල් පක්ෂයේ නායකයා බවට පත් වෙනවා. නමුත් ගයත්රිගේ සැකය පහව යන්නෙ නෑ. ඈ තරයේ විශ්වාස කරන්නේ කාලිංගන් මේ මිනීමැරුමට සම්බන්ධයක් ඇති කියලයි. ඇය තමිල්ව හම්බවෙලා මේ ගැන කිව්වත් තමිල් තමන්ව කුඩා කළ සිට හදා වඩා ගත් කාලිංගන්ව අවිස්වාස නොකරන බව පවසනවා. එවිට ගයත්‍රී පවසන්නේ තමන් ළග ඒක ඔප්පු කරන්න සාක්ෂි පවතින බවයි. ඔය අතරතුර ගයත්රිගේ දියණිය පැහැර ගැනීමකට ලක්වෙනවා. ඒ ගයත්‍රී ළග තියෙනවා යැයි කියන පටිගත කරන ලද චිපයක් ඉල්ලා. ඉතින්,
ඇත්තටම ගයත්‍රි ළග චිපයක් තියෙනවද ?
ගයත්රිගේ දුවව පැහැරගන්නා ලද්දේ කවුරුන්ද ?
චෙලියන් මහත්මාගේ ඝාතනයට වග කියන්න ඕනෙ කවුරුන්ද ?