චිත්‍රපටි හින්දි

tribhanga (2021) Sinhala subtitles | දුවට මවක මිස

මේක එක පවුලක පරම්පරා තුනක කාන්තාවන් තිදෙනෙක් ගැන කතාවක්. ඒ කිව්වේ මව-දුව-මිණිපිරී ජාතියේ කතාවක්. වැඩියෙන්ම කතාව දිව යන්නේ මව-දුව ගැන. නයන්තරා (තන්වී) කියන්නේ ජනප්‍රිය සහ සම්මානනීය ලේඛිකාවක්, ඇගේ දියණිය අනුරාධා (කාජොල්) ජනප්‍රිය බොලිවුඩ් නිලියක් වගේම ඔඩිසි නර්තන ශිල්පිණියක්. දෙදෙනා අතර තියෙන්නේ හොඳ සම්බන්ධතාවයක් නෙවෙයි. නයන්තරා කෝමා වෙනවා, අනූට ඇයට තනි රකින්න සිද්ද වෙනවා, එතකොට මිලන් […]

Gangubai Kathiawadi 2021 Sinhala Subtitles | Upasiresi.com

Radhe Shyam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

චිත්‍රපටි හින්දි

Bachchhan Paandey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඉතින් කතාව ගැන කිව්වොත් එහෙම,මයිරා දේව්කර් (Kriti Sanon) කියන්නේ අධ්‍යයක්ෂිකාවෙන් වෙන්න උත්සහ කරන කෙනෙක්,ඉතින් මෙයා දැනට වෙන අධ්‍යයක්ෂක කෙනෙක් ලග තමයි වැඩ කරන්නේ..ඉතින් ඒ අධ්‍යක්ෂක එක්ක ප්‍රශ්නයක් දාගෙන එතනින් අයින් වෙන මයිරා එයාගෙම කතාවකින් අධ්‍යක්ෂනයට පිවිසෙන්න තමයි උත්සහ කරන්නේ දැන්..ඉතින් මෙයා ඒකට තෝරගන්නේ එක්තරා ප්‍රදේශයක දරුණු මැරයෙක්ව…ඉතින් මේ මැරයගේ ජීවිත කතාව චිත්‍රපටියකට නගන්න විස්තර හොයාගන්න […]

Baarish Aur Chowmein (2018) Sinhala subtitles | නේවාසිකයාගේ ප්‍රේමය… [සිංහල උපසිරසි]

Radhe Shyam (2022) Sinhala Subtitles | දෛවය සහ ආදරය…!!! [සිංහල උපසිරසි]

TV කතාමාලා

ඉංග්‍රීසි චිත්‍රපටි

Eiffel (2021) Sinhala Subtitles | අසම්මත පෙමක් නිසා ඉදිවූ ස්මාරකය

Eiffelට මෙහෙම කුළුණක් හදන්න කියලා වැඩ පැවරෙන්නේ එවකට රජයෙන්. ඇමරිකාවට ලිබර්ටි ප්‍රතිමාව හදලා දීලා ඒකෙන් අත් කරගත්තු කීර්තිනාමයත් එක්ක මෙයාට ප්‍රංශයෙත් ඒවගේම ස්මාරකයක් හදන්න යෝජනා ලැබෙනවා. ස්මාරකයක් වෙනුවට කුළුණක් හදන්න ඕනි වෙන මෙයාට හදිසියේම මුණ ගැහුණු පරණ මතකයක් එක්ක මේ වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. ඒ පරණ මතකය තමා එයාගෙන් වෙන් වෙලා ගිය එයාගේ පෙම්වතිය. ඒත් […]

Indian Box office Hits

Eiffel (2021) Sinhala Subtitles | අසම්මත පෙමක් නිසා ඉදිවූ ස්මාරකය

Eiffelට මෙහෙම කුළුණක් හදන්න කියලා වැඩ පැවරෙන්නේ එවකට රජයෙන්. ඇමරිකාවට ලිබර්ටි ප්‍රතිමාව හදලා දීලා ඒකෙන් අත් කරගත්තු කීර්තිනාමයත් එක්ක මෙයාට ප්‍රංශයෙත් ඒවගේම ස්මාරකයක් හදන්න යෝජනා ලැබෙනවා. ස්මාරකයක් වෙනුවට කුළුණක් හදන්න ඕනි වෙන මෙයාට හදිසියේම මුණ ගැහුණු පරණ මතකයක් එක්ක මේ වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. ඒ පරණ මතකය තමා එයාගෙන් වෙන් වෙලා ගිය එයාගේ පෙම්වතිය. ඒත් ඇය තමන් සමගම වැඩ කරන සගයෙක්ගේ බිරිදක්. ඉතින් ඒ පෑරුණු Eiffelගේ පැරණි මතකයන් එක්ක මේ කුළුණ ගොඩ නැගෙනවා. එතකොට එන කරදර, චිත්තපීඩා නම් ඕනිතරම්. තමන්ට අයිති නැති වුණ ආදරය සිහිවීමට හදන මේ නිර්මාණයේ හැඩය “A” අකුරකට සමාන හැඩයකින් නිර්මාණය කරනවා. 1889 ඉදන් මේ වෙනකන් සංචාරකයන්

A Hero AKA Ghahreman (2021) Sinhala Subtitles | කළ හොද පස්සෙන් එළවීම!!

රහීම් සුල්තානි කියන්නෙ ව්‍යාපාරයක් සදහා ණයක් ලබා ගෙන, ඒ ණය මුදල ගෙවාගන්න නොහැකි වීම හේතුවෙන්, තමන්ගෙ බිරිදව වගේම නිදහස යන දෙකම නැති කරගෙන හිරේට වෙලා ඉන්න තාත්තා කෙනෙක්. ඉතින් මේ රහීම්ට තමන්ගෙ ණය මුදලින් කොටසක් ගෙවන්න එක දවසක හරි වටිනා අවස්ථාවක් ලැබෙනවා. ඒ කෙනෙක්ගේ මාර්ගයෙන් ඔහුට ලැබෙන රන් කාසි මල්ලක්. හැබැයි මොකක් හරි දෙයක් නිසා රහීම්ට හිතෙනවා තමන්ගෙ ණය මුදල ගෙවලා හිරෙන් එළියට ඇවිත් තමන්ගෙ ජීවිතේ යළි ලබා ගන්නවා වෙනුවට මේ රන් කාසි ටිකේ අයිතිකාරයාව හොයලා ඒ ටික බාර දෙන්න අවශ්‍යයි කියලා. ඉතින් රහීම් කොහොම හරි ඒ දේ කරනවා. රහීම් මේ කරන උතුම් ක්‍රියාව නිසා හැමෝගෙම ප්‍රශංසාවට, ආදර ගෞරවයට පවා ලක්

salute (2022) Sinhala Subtitles | අයුක්තිය අසාධාරණයට එරෙහිව !

අරවින්ද් කරුණාකරන් තමන්ගෙ අයියගෙ ආදර්ශයෙන් පොලිස් නිළධාරියෙක් වුණේ අයියගෙ යටතේමයි. පළමු පත්වීම හම්බවෙන්නේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ මාරනෙල්ලූර් පොලිස් ස්ථානයට. එහිදි සිද්ධවුණ ද්විද්ව මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අරවින්ද් කරුණාකරන්ගේ අයියා ඇතුළු කණ්ඩායමේ කට්ටිය මේක වෙනත් කෙනෙක් පිටින් දාලා නඩුව වහන්න උත්සාහයක් දරනවා. නමුත් ඒකට විරුද්ධව අරවින්ද් කරුණාකරන් නොහොත් අපේ චිත්‍රපටයේ කතා නායකයා විරුද්ධව හිටගන්නව. මාටින්-ෂීබා ඝාතනය මුලු දේශපාලන ක්ෂේත්‍රයේම රැව් පිලි රැව් දුන් අපරාධ සිද්ධියක්. දේශපාලකයින් මේ සිද්ධිය උළුප්පා දක්වමින් පොලීසියට අපහාස කරමින් දේශපාලන වාසි ගන්න උත්සාහ දරන අවස්ථාවක ඊට මැදිහත්වුණ අරවින්ද් දේශපාලන හෙන්චයියන් ඇතුළු සෙට් එකකට හොදටම නෙලනව. මාටින්-ෂීබා ඝාතනය ගැන නොයෙකුත් මතිමතාන්තර පැතිරෙන අවස්ථාවක ඒක යට ගහල වෙන කෙනෙක්ගෙ පිටින්

thar (2022) Sinhala subtitles | වැලි කතරට පැමිණි ආගන්තුකයා

මේක 1985දී රාජස්ථානයේ සිද්ද වෙච්ච කතාවක්. සුරේඛා(අනිල් කපූර්) කියන්නේ, රාජස්ථානයේ මුනාබෝ කියන ගමේ පොලිස් පරීක්ෂකවරයා. මිනිහා තව මාස කීපයකින් විශ්‍රාම ගන්න ඉන්නේ. ඒ කවදාවත් උසස්වීමක් ගන්නේ නැතුව පොලිස් පරීක්ෂක කෙනෙක් විදිහටම. මේ ගමේ එහෙම ලොකුවට දේවල් වෙන ගමක් නෙවෙයි. දවසක ගහක එල්ලලා මිනිහෙක් මරලා තියල හම්බවෙනවා. පුදුම දස වදයක් දීලා තමා මරණයට පත් කරලා තියෙන්නේ. සුරේඛාගේ දැක්මට අනුව මේක ඉස්සරහට වෙන්න තියෙන ලොකු සිද්ධියක මූලාරම්භයක් විතරයි. සුරේඛාගේ වචනයෙන් කිව්වොත් එන්න තියෙන ෆිල්ම් එකක පෝස්ටර් එකක් වගේ. ඔය අල්ල පනල්ලේ සිද්ධාර්ත්(හර්ශ්වර්ධන් කපූර්) කියන ඇන්ටික් බඩු බිස්නස් කරන ආගන්තුකයෙක් මේ ගමට එනවා. එන්නේ ලියන්න කියන්න දන්න වැඩට ගන්න පුළුවන් මිනිහෙක්ව හොයාගෙන.

The In Between (2022) Sinhala Subtitles | දෙලොවක් අතර තනි වූ ආදරය..

Arie Posin විසින් අධ්‍යක්ෂණය කල Paramount+ මගින් බෙදාහරින ලද The In Between චිත්‍රපටය සදහා Joey King ටෙසා ලෙසත්, Kyle Allen ස්කයිලර් ලෙසත් තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. IMDB දර්ශකය 5.8 ක් ලෙසත් RottenTomatoes දර්ශකය 56% ක් ලෙසත් සනිටුහන් කරන මේ අපූරු ආදර අන්දරය ප්‍රේක්ශක ඔබට අමුතුම අත්දැකීමක් වනු නොඅනුමානයි

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | රතු නිල් සටන [සිංහල උපසිරැසි]

දවස් 243 ක් ජරා හතු කෝපි බිබී ජීවිතය ගැට ගහගෙන හිටපු රොබෝ ටික්කාගෙ අරුම පුදුම නිර්මාණයක ප්‍රතිඑලයක් විදිහට මිනිහාට වෙනත් ලෝකයකින් එන නකල්ස් (Idris Elba) කියන සටන්කාමී චරිතයක් අඳුන ගන්න ලැබෙනවා. නකල්ස් කියන්නෙත් සොනික්ගෙන් (Ben Schwartz) පලිගන්න පෙරුම් පුරාපු කෙනෙක්. ඒ බොහොම ඉස්සර නකල්ස්ගේ ලෝකයේ එකිඩ්නස් කියන රණශූර ගෝත්‍ර කණ්ඩායම් 7 ක් එයාලට අයිති මැණික් ගල් 7 ක් එකතු කරලා හදපු අති ප්‍රබල හරිත මැණික, සොනික්ගෙ ලෝකයේ නායිකාව වෙන ලෝන්ග් ක්ලෝ (Donna Jay Fulks) විසින් පැහැර ගෙන ගිය නිසයි. ඒකට හේතුව ඒ මැණික නරක අය අත තිබීම විශ්වයටම තර්ජනයක් වීමයි. අරමුණු අතින් ගත්තම රොබෝ ටික්කාටයි නකල්ස්ටයි දෙන්නටම ඕන සොනික්ව ඉවර කරන්න. දෙන්නම එකතු වෙලා සොනික්ව විනාශ කරන්නයි

නවතම උපසිරැසි

Categories